Anju Akka 4 | Sinhala Wela Katha 2022: Anju Akka 4

Saturday, June 17, 2017

Anju Akka 4

Anju Akka 4




තව දවස් දෙක තුනක් ගත වුණා. සිකුරාදා මට පන්ති තිබුණෙත් නැහැ. සෙනසුරාදා ඉරිදාටත් රෑ වෙනකල් පන්ති නැහැ. ඒ නිසා මම හිතුවෙ සුදු අක්කට අජිත්ගෙන් කරදරයක් නැතිව ඉන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඒත් මට සැකයි. සුදු අක්කගෙ හැසිරීම අමුතුයි. සමන්ත අයියා කෝල් කලත් වැඩි වෙලා කතා කරන්නෙ නැහැ. අක්කගෙ ෆෝන් එකට නිතර කෝලුයි එස් එම් එසුයි එනවා.
අක්කගෙ ජීවිතේ අමුතු ජවයක් ඇවිත් වගේ. කඩිසරව දුවලා පැනලා වැඩ කරනවා. ඇඳුම් පැළඳුම් වුණත් කලින් වගේ මුලු ඇඟම වැහෙන්න අඳින එක අඩු කරලා. ලොකු වෙනසක්.
මම සෑහෙන්න උත්සාහ කළා අජිත් තාම සුදු අක්කට කරදර කරනවද කියලා හොයන්න. ඒත් මට කිසිම හෝඩුවාවක් ලැබුණෙ නැහැ. අජිත් මා එක්ක කතා කරන්න ආවෙත් නැහැ. මම දවසක් දැක්කා අක්කා පොල් ගාලා වැට ලඟට ගිහින් ඒක අජිත්ට දෙනවා. ඊලඟ දවසේ මම දැක්කෙ කෑම පිඟන් දෙකක් තව පිඟන් දෙකකින් වහලා එක උඩ එක තියන් ගිහින් වැට ලඟදි අජිත්ගෙ අතට දෙනවා. එදා ඉඳන් අජිත් පොල් ගාන්න ආවෙ නැහැ. ඒ වෙනුවට අක්කා රෑ කෑම උයලම ගිහින් දෙනවා.


No comments:

Post a Comment